මාලනී ෆොන්සේකාට බයිපාස් සැත්කමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

මාලනී ෆොන්සේකාට බයිපාස් සැත්කමක්





මාලනී ෆොන්සේකාට 
බයිපාස් සැත්කමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකා හෘදයේ ඇතිවූ ආබාධ තත්වයක් මත මේ වනවිට පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.
ඇයට බයිපාස් සැත්කමක් සිදු කළ යුතු බව
වෛද්‍ය නිර්දේශය වී


තිබෙන බවද වාර්තාවේ.
මේ වනවිට 69 වන වියේ පසුවන මාලනී ෆොන්සේකා මහත්මිය
වෛද්‍ය නිර්දේශ අනුව එම සැත්කම සඳහා සූදානම් කෙරෙමින් පවතින අතර කලාකරුවන් රැසක්ම ඇය වෙනුවෙන් විවිධ පුණ්‍ය කටයුතු වල යෙදෙන්නේ ඇයට වඩාත් හොඳින් මේ කටයුත්ත සිදු කරගන්නට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රාර්ථනා කරමිනි.

ඔක්තෝබර් 11 අඟහරුවාදා සන්ධ්‍යා කාලයේ බෙල්ලන්විල රජමහා විහාරයේද මේ වෙනුවෙන් පින්කමක් සූදානම් කර ඇත. ඇයට සෙත්පතන මෙම බෝධි පූජා පින්කමට සහභාගි වන ලෙස කලාකරුවන්ගෙන් හිතවතුන්ගෙන් සහ රසිකයන්ගෙන් පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad