කේරළ ගංජා විකුණා පෙම්වතියට තෑග්ගක් දෙන්න හැදූ පෙම්වතෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

කේරළ ගංජා විකුණා පෙම්වතියට තෑග්ගක් දෙන්න හැදූ පෙම්වතෙක්

පරසන්ගස්වැව සුසාන භූමියෙහි ජාවාරම්කරුවන් දෙදෙනකු ගෙනවිත් සැඟවූ කේරළ ගංජා පාර්සලයක් සොරාගෙන ගොස් අලෙවි කර සිය පෙම්වතියට තෑගි බෝග ලබාදීමට සූදානම් වූ තරුණයකු අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය


මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනේ ප්‍රසිද්ධ මෝටර් රථ අලෙවි කිරීමේ ආයතනයක අනුරාධපුර පිහිටි කාර්යාලයේ කාර්මිකයකු වශයෙන් සේවය කරන අනුරාධපුර පණ්ඩුකාභයපුර පදිංචි 21 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර තරුණයා


මීට දින තුනකට පමණ ඉහතදී පෙම්වතිය හමුවීම සඳහා බස් රථයකින් පරසන්ගස්වැව හන්දියට ගොස් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පරසන්ගස්වැව හන්දියේ පිහිටි සුසාන භූමියේ යමක් සඟවන අයුරු දැක ඇති බවත් ඔවුන් ගිය

පසුව සඟවා ගියේ මොනවා දැයි මොහු පරීක්ෂා කර ඇති බවත් පොලිසිය පැවැසුවේය.

සඟවා ගිය පාර්සලයේ කේරළ ගංජා තිබෙන අයුරු දැක සැකකරු එම පාර්සලය වෙනත් තැනක සඟවා පසුව ගංජා අලෙවියේ නිරත වන කිහිප දෙනකුට තමන් සන්තකයේ කේරළ ගංජා අලෙවි කිරීමට තිබෙන බවත් කේරළ ගංජා ග්‍රෑම්

තිහක ප්‍රමාණයක් රුපියල් 30,000ක මුදලකට අලෙවි කරන බවත් පවසමින් ගැනුම්කරුවන් සොයා ඇති බව පොලිසිය පැවැසුවේය.

පොලිස් නිලධාරීන්ට තරුණයකු ගංජා අලෙවි කිරීමට සූදානම් වන බව දැන ගැනීමට ලැබී වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සිද්ධිය පොලිසියට පවසා තිබිණි. එම ගංජා පාර්සලය වෙනත් අයකුට අලෙවි කර මුදල්

ලබා ගෙන සිය පෙම්වතියට තෑගි බෝග මිලදී ගැනීමට සිතා සිටි බවද ඔහු පොලිසියට පවසා තිබිණි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad