ජනප්‍රිය ගායක ‘චිලී’ අත්අඩංගුවට ගැනීමට සොයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

ජනප්‍රිය ගායක ‘චිලී’ අත්අඩංගුවට ගැනීමට සොයයි

ජනප්‍රිය ගායක ‘චිලී’ අත්අඩංගුවට ගැනීමට සොයයි

බත්තරමුල්ල, පැලවත්ත විජිතපුරයේදී 57 හැවිරිදි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකර පලාගොස් සිටින රංගන ශිල්පී සහ ගායක චිලී හෙවත් තිවංක විදුෂ නමැති අය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව තලංගම පොලිසිය පවසයි.

පසුගිය 07 වැනිදා රාත්‍රියේ බත්තරමුල්ල, විජිතපුර අසලදී සිදුවූ මේ පහරදීමෙන් තුවාල ලැබූ 57 හැවිරිදි පුද්ගලයකු තලංගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය වූ අවස්ථාවේ පැලවත්ත ප්‍රදේශයේ රාත්‍රි ධර්මදේශනාවක් සඳහා විජිතපුර අසල නිවෙසක් සූදානම් කර තිබූ අතර එහි පැමිණි ඥාතීන්ගේ වාහන එම මාර්ගය දෙපස ගාල්කිරීමෙන් දැඩි තදබදයක් හටගෙන තිබිණි. එම මාර්ගයේ ගමන් ගත් චිලී නමැති ගායකයාගේ වාහනයද මාර්ග තදබදයට හසුවී ඇති අතර එම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකුට පාරේ අයිනෙන් ඉවත් වන ලෙස චිලී නමැත්තා කෑ ගසා ඇත. 

මාර්ගයේ අයින්වීමට ඉඩ නොමැති බව පැවැසූ පුද්ගලයාට චිලී නමැත්තා වාහනයෙන් බැසවිත් අතින් පයින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් තිබිණි.

රුධිරය වගුරවමින් පාර අයිනේ වැටී සිටි පුද්ගලයා බණ ගෙදර සිටි ජනතාව විසින් රෝහල් ගතකර ඇත. තුවාල ලැබූ සිසිර ප්‍රේමලාල් නැමැත්තාගේ දිවට මැහුම් 02ක් දමා ඇති බවත් ශරීරයේ තැළුම් පහරවල්ද ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත විමර්ශන පවත්වයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad