කථානායකවරයා පක්ෂ නියෝජිතයින් සමග චීනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

කථානායකවරයා පක්ෂ නියෝජිතයින් සමග චීනයට

කථානායකවරයා පක්ෂ නියෝජිතයින් සමග චීනයට

ශ්‍රී ලංකාව හා චීනය අතර පාර්ලිමේන්තු සබඳතා සවිමත් කිරීමේ අරමුණින් චීන රජයෙන් ලද විශේෂ ආරාධනයකට අනුව කථානායක කරූ ජයසුරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරු ඊයේ (09) චීනය බලා පිටත් වූහ. 

එම සංචාරයට පාර්ලිමේන්තු පක්ෂ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටින බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව මෙම සංචාරයට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්,  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වෙනුවට ඇමති සුසිල් ප්‍රේමජයන්ත, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ඊ.පී.ඩී.පී පක්ෂයේ (ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය) නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ද එක්ව සිටිති.  

No comments:

Post a Comment

Post Bottom Ad