කහ උණ වැළදී දුමින්ද සිල්වා රෝහල් ගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

කහ උණ වැළදී දුමින්ද සිල්වා රෝහල් ගත කරයි

කහ උණ වැළදී දුමින්ද සිල්වා රෝහල් ගත කරයි

මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කහ උණ වැළදීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේවන විට ඔහු වෛද්‍ය නිර්දේශ මත රෝහල් වාට්ටුවක රඳවා ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණ කළේය.

භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 08වැනිදා මරණ දඩුවම නියම වූ ඔහු ඊට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා රෝහල් ගතවීමට පෙර චැපල් වාට්ටුවේ වෙනම අංශයක රඳවා සිටි ඇතැයි වාර්තා වේ.

කහ උණ රෝග තත්ත්වයක් හේතුවෙන් දුමින්ද සිල්වා නැමැත්තා පසුගියදා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad