ස්ටෙන්ස් අවභාවිතය වැළැක්වීමට විශේෂ චක‍්‍රලේඛයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

ස්ටෙන්ස් අවභාවිතය වැළැක්වීමට විශේෂ චක‍්‍රලේඛයක්

ස්ටෙන්ස් අවභාවිතය වැළැක්වීමට විශේෂ චක‍්‍රලේඛයක්

හෘද රෝගීන්ගේ ශල්‍යකර්ම සදහා නොමිලේ ලබාදීමට ආනයනය කළ ස්ටෙන්ස් අවභාවිතයෙන් තොරව භාවිත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛදය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියළුම හෘද රෝග වෛද්‍යවරුන්ගේ ඉල්ලා සිටියි. 

කොළඹ ජාතික රෝලේ සහ බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවක දි අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය. 

අවභාවිතයෙන් තොරව ස්ටෙන්ස් භාවිතා කිරීම පිළිබදව විශේෂ චක‍්‍රලේඛයක් හෘද රෝග සැත්කම් සිදු කරන රෝහල්වලට යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට උපදෙස් ලබාදෙන ලදි. නොමිලයේ ලබාදෙන ස්ටෙන්ස් යොදා සිදු කරන සැත්කම් පිළිබදව පසු විපරමක් සිදු කිරීමට ද මෙහිදී තීරණය විය. 

හෘද රෝග වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි. හෘද රෝග සැත්කම් සදහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ හිඟයකින් තොරව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දෙන ලදි. 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට හෘද රෝගීන් සදහා නොමිලේ ස්ටේන්ස් ලබාදීම සදහා ඇනවුම් කළ ස්ටේන්ස් තොඟය පසුගිය මස (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලැබී ඇත. 

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ස්ටේන්ස් නොමිලේ ලබාදීමට තීරණය කෙරුනි. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත මෙම ස්ටේන්ස් ඇනවුම් කළ අතර, පළමු අදියර යටතේ ස්ටේන්ස් 500 ක් වෛද්‍ය සැපයුම් අංශයට ලැබී ඇත.

මෙම ස්ටේන්ස් එකක මිල රුපියල් 75,000 ක් වන අතර, මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 37 කට අධික මුදලක් වැය කර ඇත. හෘද සැත්කම් සදහා භාවිත කරන මෙම ස්ටේන්ස් තොගය වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල්වලට බෙදා හැර තිබේ. එමෙන්ම මාස 03 කට අවශ්‍ය ස්ටේන්ස් වෛද්‍ය සැපයුම් අංශයට ලැබීමට නියමිතය. ඉන් පසු 2017 වර්ෂය සදහා අවශ්‍ය ස්ටේන්ස් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දැනටමත් ඇනවුම් කර ඇති බව වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කරයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad