ඇමති මංගල හංගේරියානු විදෙස් ඇමති හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

ඇමති මංගල හංගේරියානු විදෙස් ඇමති හමුවෙයි

ඇමති මංගල හංගේරියානු විදෙස් ඇමති හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හගේරියානු විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍ය පීටර් ස්සිජාර්ටෝ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී ද්විපාර්ශවික සහයෝගීතාව හා අන්‍යයෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිටින හංගේරියානු තානාපති ඉයුලා පැතෝ මහතා සහ හංගේරියානු ජාතික වෙළඳ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ගබෝර් කූන් මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී විය.

එමෙන්ම ඊයේ දිනයේදී විදේශ අමාත්‍යවරයා හා එක්සත් ජාතීන්ගේ උප මහලේකම් හා ආසියා හා ශාන්තිකර රටවල් සඳහා ආර්ථික හා සමෘද්ධිය කොමිසන් සභාවේ විධායක ලේකම් ආචාර්ය ෂම්ෂාඩ් අක්ටාර් මහත්මිය අතර ද සාකච්ඡාවක් පැවැත්විණි.

No comments:

Post a Comment

Post Bottom Ad