අපයෝජන විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

අපයෝජන විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී


මිනුවන්ගොඩ, කොටදෙණියාව ප්‍රදේශයේ පාසලක සේවය කරමින් සිටි විදුහල්පතිවරයෙකුට එරෙහිව අපයෝජනයක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරන්නට ඔහුගේ නිවසට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ
නිලධාරීන් පැමිණීමත් සමග කලබයට පත්ව ඇති ඔහු වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
ඊයේ (12) සවස  2.00 ට පමණ මෙසේ මිය ගොස් ඇත්තේ කොස්වත්ත, බෝතලේගම පදිංචිව සිටි 51 හැවිරිදි විදුහල්පතිවරයෙකි.


දෙදරු පියෙකු වන එහුගේ බිරියද ගුරුවරියකි.
වස පානය කර ඇති විදුහල්පතිවරයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එදිනම රාත්‍රීයේ මිය ගොස් ඇත.
නිලධාරීන් සමග කතා බහ කරමින් සිට ඇති විදුහල්පතිවරයා එක්වරම තම නිවස පිටුපසට ගොස් වස පානය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොස්වත්ත පොලීසිය විසින් සිදුකරයි.

පුත්තලම - ජූඩ් සමන්ත

No comments:

Post a Comment

Post Bottom Ad