පුනරුත්ථාපනය කළ මානසික රොගීන් සමාජගත කිරීමට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

පුනරුත්ථාපනය කළ මානසික රොගීන් සමාජගත කිරීමට යයි

පුනරුත්ථාපනය කළ මානසික රොගීන් සමාජගත කිරීමට යයි

පුනරුත්ථාපනය කරන ලද මානසික රෝගීන් සමාජගත කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පෙරවරුවේ අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ පැවති මානසික රෝගීන්ගේ අත්කම් භාණ්ඩ ප්‍රදර්ශණයක් විවෘත කිරීමට එක්වෙමිනි.

ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදී තිබූ ලෝක මානසික රෝග දිනය වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ," අපි මෙහි ඉතිහාසය බැලුවොත් ඉස්සර විශේෂ ඖෂධ ප්‍රතිකර තිබුනෙත් නෑ. මේකේ ඉන්න කාලය තුළ සතුටින්, ප්‍රබෝධයෙන් ගත කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙලා තිබුණා. ඔවුන් විවිධ කටයුතුවල නියැලෙනවා. චිත්‍ර කලාවට යොමු කිරීමෙන් අමතර ආදායමක් ලබනවා. පුනරුත්ථාපනය වුණු මානසික රෝගීන් කොන් කිරීම ඉතාම අසාධාරණයි. ඔවුන් සමාජගත කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවී තියෙනවා" ලෙසයි.

මෙම අවස්ථාවට මානසික රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad