ට්‍රම්ප් පරදා හිලරි ජය ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

ට්‍රම්ප් පරදා හිලරි ජය ගනී..

ඇමෙරිකා ජනාධිපතිවරණයට පෙර පැවැති පසුගිය 9 වැනිදා පැවැති දෙවැනි විවාදයෙන් පසු ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ජනප්‍රියත්ව ඉහළ ගොස් ඇති බවත්, එම විවාදයෙන් පසු ඔහියෝ සහ මිචිගන්හි පැවැති ඇගේ ජනරැලිවලට වෙනදාට වඩා වැඩි පිරිසක් සහභාගී වූ බවත් ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (11) වාර්තා කළේය.

ඔහියෝ සහ මිචිගන් ජන රැලි සංවිධානය කළ ඩිමොක්‍රටික් පක්ෂ සංවිධායකයන් පවසා තිබුණේ තමන් අපේක්ෂා කළේ 10,000 ක් පමණ පැමිණෙනු ඇතැයි කියාය.


කෙසේ නමුත් පැමිණ සිටි පිරිස 19,000 ඉක්මවූයේ යැයි පැවැසෙයි.
දෙවැනි එම විවාදයෙන් පසුව ද ඇමෙරිකන් මාධ්‍ය ආයතන ජනමත සමීක්ෂණ පැවැත් වූ අතර ඒවායින් අනාවරණය වූයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට වඩා හිලරි ක්ලින්ටන් බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බවත් ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 57 ක් සහ 34 කි.

No comments:

Post a Comment

Post Bottom Ad