පේරාදෙණිය සරසවියේ සිසුන් 12ක් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

පේරාදෙණිය සරසවියේ සිසුන් 12ක් රිමාන්ඩ්

පේරාදෙණිය සරසවියේ සිසුන් 12ක් රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ සිසුන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් 12 දෙනෙකු අද (13) දක්වා රක්ෂිත  බන්ධනාගාර ගතකිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගල මහතා ඊයේ (12) නියෝග කළේය.

පසුගිය අගෝස්තු 22 වනදා එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

එදින සිදුවූ මෙම පහරදීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 04රදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළේය.

පසුව පහරකෑමට ලක්වූ සිසුන් ඒ පිළිබඳව එදිනම සවස පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ පහරදීම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා යටතේය.

No comments:

Post a Comment

Post Bottom Ad