ලොව උසම ගොඩනැගිල්ල පරදන අලුත් ගොඩනැගිල්ල මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

ලොව උසම ගොඩනැගිල්ල පරදන අලුත් ගොඩනැගිල්ල මෙන්න…

ලොව උසැතිම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඩුබායි ( Dubai ) පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් මක්තෝම් ඊයේ(10) මුල් ගල තැබුවේය.

ලොව දැනට උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ඩුබායි රාජ්‍යයේම පිහිටි මීටර් 828ක් උසැති බර්ජ් කලීෆා ගොඩනැගිල්ලයි.


නව ගොඩනැගිල්ල ඊට වඩා උසින් යුක්ත වන අතර, එහි අපේක්ෂිත උස මෙතෙක් හෙළිදරව් කර නොතිබේ. වසර 2020දී ඩුබායි හි පැවැත්වෙන ලෝක අපනයන ප්‍රදර්ශනයට පෙර එහි ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad