තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සාවද්‍ය තොරුතුරු ප්‍රචාරය කළේ යැයි කියමින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය කටයුතු කර තිබේ.
දකුණු ඉන්දියාවේ බලවත් මෙන්ම විවාදාත්මක දේශපාලන චරිතයක් වන ජයලලිතා පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
මේ නිසාම, ඇගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ කුතුහලයන් පැනනැගුණේ ඒ පිළිබඳ පැහැදිලි සාක්ෂියක් නොමැති වීමෙනි.
එවැනි තොරතුරක් ලබානොදීමට තීරණය කර තිබුණේද, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නම් ඇගේ ආධාරකරුවන් විසින් තම ජීවිතවලට හානියක් කරගැනීමට ඉඩ ඇති නිසා බවද ඉන්දීය මාධ්‍ය පවසා තිබේ.
ඒ අනුව, ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය රහසක්ව පවත්වා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබුණු අතර, මේ තත්ත්වය තුළ ඇගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විවිධ කටකතා සුනාමියක් සේ ඉන්දියාව පුරා පැතිර ගොස් තිබුණි.
මෙවැනි වාතාවරණයක ජයලලිතාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි පවසමින් තමිල් නාඩුවේ චෙන්නායි නුවරදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර, මෙවැනි කටකතා පැතිරවූ තවත් පුද්ගලයන් 40ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද ඉන්දීය පොලීසිය පවසා තිබේ.
Wednesday, October 12, 2016
ජයලලිතාගේ සෞඛ්‍ය ගැන බොරු කියූ දෙදෙනෙකුට වැඩ වරදියි…
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment