ශ්‍රී ලංකා ක්‍රිකට් මාලිංගව සුපිරි කාණ්ඩයෙන් හලයි – සුපිරි කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයෝ 03 යි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් මාලිංගව සුපිරි කාණ්ඩයෙන් හලයි – සුපිරි කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයෝ 03 යි..!

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුලත් ක්‍රිඩකයින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එහි සුපිරි කාණ්ඩයෙන් ඉවත් කර ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

මෙවර ජාතික කොන්ත්‍රාත්තුවේ සුපිරි කාණ්ඩයට ඇතුලත් කර ඇත්තේ ක්‍රීඩකයින් තිදෙනෙක් පමණක් බවද පැවසේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්, උප නායක දිනේෂ් චන්දිමාල් හා පිට දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ය. 


පාදයේ ආබාධයක් හේතුවෙන් මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එක්වීමට අවස්ථාවක් ලැබී නොමැති ලසිත් මාලිංග පසුගියදා පවසා ඇත්තේ හොඳින් පුහුණුවීම්වල නිරත වන අතර පාදයේ ආබාධය දැනටමත් සුවවී ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදුන්වා දී ඇති නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව මේ වනවිට අර්බුද රැසක් නිර්මාණය කොට ඇති බවද කි‍්‍රකට් විස්තර විචාරක මතය වි තිබේ. එසේම ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ ගිවිසුම් වල කෙටුම්පත් පසුගිය සති අන්තයේදී ඔවුන්ට බාර දී ඇතත් ක‍්‍රීඩකයින් විසින් තවමත් ඊට අත්සන් තබා නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.


මේ වන විටත් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුලත් ක්‍රීඩකයින් නිළ වශයෙන් දන්වා නොමැති අතර අප වෙත වාර්තා වු අන්දමට ඊට ඇතුලත් ක‍්‍රීඩකයින් 30 දෙනා පහතින් දැක්වේ.


ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දිමුත් කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, ලසිත් මාලිංග, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සචිත්‍ර සේනානායක, සචිත් පතිරණ, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, රොෂේන් සිල්වා, අමිල අපෝන්සු, සීක්කුගේ ප්‍රසන්න හා ෂාමින්ද එරංග.

No comments:

Post a Comment

Post Bottom Ad