කුඹුරු ඉඩම් පවරා ගැනීමේදී වාණිජ වටිනාකමක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

කුඹුරු ඉඩම් පවරා ගැනීමේදී වාණිජ වටිනාකමක් ඉල්ලයි

කුඹුරු ඉඩම් පවරා ගැනීමේදී වාණිජ වටිනාකමක් ඉල්ලයි

නාගරික ඉඩම් සංවර්ධන කිරීම යටතේ කුඹුරු ඉඩම් පවරාගැනීමේදී එම ඉඩම් වෙනුවෙන් නිසි ලෙස වන්දි නොලැබෙන නිසා අදාළ කුඹුරු ඉඩම් සඳහා වාණිජ වටිනාකමක් ලබාදෙන්නැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා රජයෙන් ඉල්ලමක් කොට තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නාගරික සංවර්ධන කටයුතු කිරීම සඳහා පවරාගන්නා කුඹුරු ඉඩම්වලට නිසි වන්දියක් නොලැබෙන බවට ඉඩම් හිමියන් පෙන්වාදීම සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

කුඹුරු ඉඩම් පවරා ගැනීමේදී බොහෝවිට වන්දි ලබාදීමක් සිදුනොවන අතර, සමහර ප්‍රදේශවල කුඹුරු ඉඩම් පවරාගැනීමේදී සුළු වන්දි මුදලක් ලබාදීම සිදුවේ.

මේ හේතුවෙන් තම ජීවනෝපාය මාර්ගය ලෙස වී වගා කරන ගොවී ජනතාවට තම ඉඩම් අහිමි වීම තුළ ජීවන මාර්ගය අහෝසිවී යාම වළක්වාගැනීම සඳහා කුඹුරු ඉඩමට වාණිජ වටිනාකමක් ලබාදී අදාළ වන්දි මුදල් ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලීමක් කරයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad