සිව්දරු පියෙක් කපා කොටා ඝාතනය කරයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

සිව්දරු පියෙක් කපා කොටා ඝාතනය කරයි (PHOTOS)

සිව්දරු පියෙක් කපා කොටා ඝාතනය කරයි (PHOTOS)

ඊයේ (09) යාපනය, නාවට්කුලි ප්‍රදේශයේදී පැපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී කපා කොටා ඝාතනය කර ඇති බව යාපනය පොලීසිය ප්‍රකාශ කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා නාවට්කුල් ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් ආසන්නයෙන් පාපැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේ කිසියම් නාඳුනන පිරිසක් විසින් එක් වරම පැමිණ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බවට යාපනය පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා යාපනය, නාවට්කුලිහි පදිංචි 42 හැවිරිදි කේ. චන්ද්‍රසේකරන් නමැති සිව්දරු පියෙකි.

අදාළ ඝාතකයින් තවමත් හඳුනාගෙන නොමැති අතර ඔවුන් සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යාපනය පොලීසිය කියයි.

ඡායාරූප පහතින්.


වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad