දුමින්ද තවම රෝහලේ - අමතකවන ලෙඩෙත් ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

දුමින්ද තවම රෝහලේ - අමතකවන ලෙඩෙත් ඇවිත්



 මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා,පසුගිය 28 වනදා සිට දැන් තුන්වන සතියටත් පැමිණ තවමත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව
වාර්තාවේ.මුලින් උණ රෝගයද,පසුව

කහ උණ රෝගය ලෙසද වාර්තාවූ ඔහුගේ රෝග තත්වයන් මතකය අඩුවීම සහ පෙණහළු ආසාදන තත්ත්වයන් බවට හැරී ඇතැයි රෝහල් ආරංචි හෙළි කර තිබේ.
මේ අතර දුමින්ද සිල්වා නැවතී සිටින රෝහලේම විමල් වීරවංශගේ සහෝදර සරත් වීරවංශ අධික රුධිර පීඩනය සහ හෘද රෝගී තත්ත්ව යටතේද
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරද අධික හෘද රෝගී තත්ත්ව යටතේද පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ සහෝදර චානුක අධික කොලෙස්ටරෝල් සහ විශාදයෙන් පෙළෙමින්ද ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad