බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට දඬුවම් දෙන්න - උලනේ සුමංගල හිමි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට දඬුවම් දෙන්න - උලනේ සුමංගල හිමි (VIDEO)

බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට දඬුවම් දෙන්න - උලනේ සුමංගල හිමි (VIDEO)

බැඳුම්කර වංචාව මගින් මෙරටට රුපියල් බිලියන 05 කට වැඩි ප්‍රමාණයක් අහිමි කළ පුද්ගලයින්ට එරෙහිව රටේ නීතියට අනුව දඩුවම් කළ යුතු බවත් එම අලාභය ඔවුන්ගෙන් යළි අය කරගත යුතු බවත් දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

එම පෙරමුණේ සභාපති, පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ කියාසිටියේ," මේ මහා වංචාවට මූලික වුණු මාමා සහ බෑණා පිළිබඳව විවෘත තීන්දුවක් අරගෙන මේ රටට සිදුකරපු අලාභය නැවත අය කරගෙන මේ කළ වංචාවට ඔවුන්ට දඬුවම් කිරීම් කළ යුතුය යන්න අපි පැහැදිලිව රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. අර්ජුන් ඇලෝසියස් මහතාගේ හිමිකාරීත්වය සහිත මෙම සමාගම මහ බැංකුව මගින් ඉතා අඩු පොලියට ණය ලබාගෙන එය නැවත රජයට දීලා ඒ ලබාගත්ත ණය මුදල නැවතත් ඊටීෆ්, ඊපීෆ් අරමුදල්වල ආයෝජනය කරලයි මේ ලාභය ලබාගෙන තිබෙන්නේ. මෙය ලාභයක් නෙවෙයි රාජ්‍ය මුදල් මංකොල්ලකෑමක් හැටියටයි අපි දකින්නේ." යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ එම වංචාව කළ අයට ආරක්ෂාව සපයන දේශපාලන නායකයිනගෙන් තමන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ වංචාකරුවන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad