දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වැඩි බලතල - පනතට කැබිනට් අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වැඩි බලතල - පනතට කැබිනට් අනුමැතිය

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වැඩි බලතල - පනතට කැබිනට් අනුමැතිය

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනට වඩා වැඩි බලතල හිමිවන බලතල පැවරීම (ප්‍රාදේශීය ලේකම්වරුන්) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වැඩි බලතල ලබාදීම අවශ්‍ය බව නිරීක්ෂණය වී ඇති බව රජය පෙන්වා දෙයි.

ඒ අනුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය තුළ, 1992 අංක 58 දරන බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) පනත වඩාත් අර්ථාන්විත, ඵලදායී හා විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති, 'බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත', රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad