ලංකාවට මුහුද යටින් විදුලිය දෙන්න ඉන්දියාව සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

ලංකාවට මුහුද යටින් විදුලිය දෙන්න ඉන්දියාව සැරසෙයි

ලංකාවට මුහුද යටින් විදුලිය දෙන්න ඉන්දියාව සැරසෙයි

මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය රාජ්‍ය, විදුලිබල අමාත්‍යාංශ ලේකම් පී.කේ. පුජාරි ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ‘‘ද හින්දු ‘‘වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවොට් 500ක් දක්වා විදුලි බලශක්තියක් ලබාගත හැකි බවත් සම්බන්ධතා මාධ්‍යයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලි අපනයනය මෙතෙක් පමා වී ඇති බවත් ඔහු පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ සදහන් වේ.

ඉන්දියාව මේ වන විට බංගලිදේශය, නේපාලය සහ මියන්මාරය වෙත විදුලිය අපනයනය කරන අතර, භූතානයද විදුලිය ලබා ගන්නා බවද ශ්‍රී ලංකාවට ඒ ආකාරයෙන් සබ්මැරීන කේබල් පද්ධතියක් හරහා විදුලිය සැපයිය හැකි බවද එරට රාජ්‍ය, විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

මෙතෙක් පැවති තාක්ෂණය සඳහා විශාල පිරිවැයක් වැය කළ යුතු වුවත් නව තාක්ෂණය යටතේ දැරිය හැකි මුදලකට ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කළ හැකි බව ඔහු පෙන්වා දී තිබේ.

යුරෝපීය රටවල් එම තාක්ෂණය මගින් දැනටමත් පුනර්ජනනීය විදුලිය හුවමාරු කර ගන්නා බවයි ඉන්දීය රාජ්‍ය විදුලිබල අමාත්‍යාංශ ලේකම් පී.කේ. පුජාරි ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad