බැසිල්, මහින්ද වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

බැසිල්, මහින්ද වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට එයි

බැසිල්, මහින්ද වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට එයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා මේවන විට බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

එම කොමිසම සිදු කළ දැනුම්දීමකට අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(10) පෙරවරුවේ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශය වෙත පැමිණ ඇත.

උඩුරට සංවර්ධන අධිකාරියේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතාවලට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැඳවා තිබේ.

ඒ අනුව මේ වන විට ඔහුගෙන් ඊට අදාළ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

මේ අතර හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ද බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad