ආගරපතන අනතුරකින් සිසුන් 7ක් රෝහලේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

ආගරපතන අනතුරකින් සිසුන් 7ක් රෝහලේ (PHOTOS)

ආගරපතන අනතුරකින් සිසුන් 7ක් රෝහලේ (PHOTOS)

තලවාකැලේ සිට ඩයගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එම  හෙල්බොඩ වතුයාය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කන්දක හැපීමෙන් එම බස් රථයේ ගමන්ගත් පාසල් ළමුන් 07ක් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

අද (10) උදෑසන 08.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් බස් රථය නතර කර ගැනීමට එහි රියදුරු බස් රථය මාර්ගයේ වූ කන්දක හප්පවා තිබේ.

එම අවස්ථාවේ බස් රථයේ ගමන්ගත් මෙම පාසල් ළමුන් පිරිස සුළු තුවාල ලබා ආගරපතන රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව ආගාරපතන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර පිළිබඳව ආගරපතන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ 

No comments:

Post a Comment

Post Bottom Ad