ටොයටා ප්‍රියස් 2016-17 මොඩල යළි කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

ටොයටා ප්‍රියස් 2016-17 මොඩල යළි කැඳවයි

ජපානයේ ටොයෝටා සමාගම විසින් නිෂ්පාදන කරන ලද ටොයෝටා ප්‍රියස් හයිබ්‍රිඩ් මොටර් රථ කාන්ඩ කිහිපයක භාවිතයේදී හඳුනාගත් දෝෂ තත්වයන් මත ඒකක 340,000ක් පමණ නැවතත් කැඳවන බව ටොයෝටා


සමාගම නිවේදනය කර තිබේ.

2015 වසරේ අගෝස්තු මස සිට 2016 ඔක්තෝබර් මාසය දක්වා නිෂ්පාදිත 2016 හා 2017 මොඩල මෙම දෝෂය පෙන්නුම් කර ඇති බව දක්වා ඇත.

මෝටර් රථයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් විසඳීම සඳහා මෙම නැවත කැඳවීම සිදු කර ඇත.

ජපානයේ අලෙවිකළ වාහන 210000ක් උතුරු ඇමෙරිකාවට අපනයනය කළ 94000ක් මෙම තොගයට ඇතුළත්ය. අදාළ තොග සම්බන්ධ දැනුම් දීම ඒඒ රටවල ආනයනකරුවන්ට ටොයටා සමාගම දැනටමත් නිල වශයෙන් දන්වා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මෙය අදාළ නැති බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad