'මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්' - නාමල් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

'මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්' - නාමල් (VIDEO)

තමන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් වන්දි ඉල්ලා නඩු දැමූ බවත්, ඉදිරියේදී තවත් නඩු දමන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) හම්බන්තොට, මෛත්‍රීගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ තමන් තවමත් මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව විශ්වාසයක් තබා සිටින බවයි.

තමාව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියා මිනී මැරුම් නඩුවකට ඇප පිට නිදහස්වී සිටින අයෙකු බවත්, ඔහුට ඇප ලැබී ඇත්තේ සති 02කකට පමණ ඉහතදී බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

එවිට තමාව හිරේ දාන්න පැමිණි කෙනා තමාටත් වඩා හොරෙකු බව පැහැදිලිවූ බව ඔහු පැවසීය. රටේ මිනී මැරුම්වලින් 71% ක් නවත්වා ඇති බව පොලිස්පතිතුමා කියන තත්ත්වයක් තුළ එතුමන්ගේ ආයතනය තුළ සිටින හොරුන් පිළිබඳ සොයන ලෙස තමන් එතුමන්ගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad