වයඹ සරසවියට වෛද්‍ය පීඨයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

වයඹ සරසවියට වෛද්‍ය පීඨයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වයඹ විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඉදිකිරිම සඳහා මුල්ගල් තැබීම අද (12) කුලියාපිටිය ලබුයාය මංසන්ධියේ, මහනුගලන්දවත්ත පරිශ්‍රයේ දී සිදුවිය.

උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ එ් සඳහා මුල්ගල තැබුණි.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ද සහභාගී විය.

No comments:

Post a Comment

Post Bottom Ad