බේරේ වැව ප්‍රතිසංස්කරණයට කෝටි 1,255ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

බේරේ වැව ප්‍රතිසංස්කරණයට කෝටි 1,255ක්

බේරේ වැව ප්‍රතිසංස්කරණයට කෝටි 1,255ක්

කොළඹ නගරය ප්‍රසන්න පරිසර තත්ත්වයකින් යුත් විනෝදාස්වාද පහසුකම්වලින් සමන්විත ස්ථානයක් බවට පත්කිරීමටත් බේරේ වැව හා ඒ අවට ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව බේරේ වැව ප්‍රතිසංවර්ධනය කිරීමට රුපියල් මිලියන 12,550 ක ඇස්තමේන්තු පිරිවැයකින් සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නියමිතය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

වැසි ජලය බැස යාමට, විනෝදාස්වාද කටයුතු සඳහා මෙන්ම ජෛව විවිධත්වය සඳහා ද සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකරන බේරේ වැව හෙක්ටයාර් 120ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විසිරී පවතී.

 

No comments:

Post a Comment

Post Bottom Ad