දඹුල්ල උයන්වත්ත පුරාණ රජමහා විහාරයේ ඊයේ (28) සවස හදිසි ගින්නක් හටගෙන අැති අතර ඉන් එම විහාරස්ථානයේ සංඝාවාසය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබේ.
දඹුල්ල ගිනිනිවීමේ ඒකකය, ප්‍රදේශවාසීන් සහ පොලිසියේ මැදිහත්වීමෙන් ගින්න මේ වන විට මැඩ පවත්වා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විනාශවූ දෑ පිළිබඳව තවමත් තක්සේරු කොට නොමැත.
මෙම විහාරස්ථානයේ කුඩා සාමණේර භික්ෂු පුහුණු ආයතනයක් සහ පිරිමි ළමා නිවාසයක් පවත්වාගෙන යනු ලබයි.
එම විහාරයේ විහාරාධිපති හල්මිල්ල වැවේ ප්‍රේමරත්න හිමියන් ප්‍රකාශ කළේ ඇඳ සිටින සිවුරු හැරෙන්නට පන්සලේ සියලු දේ ගින්නෙන් විනාශ වී ඇති බවයි.
ඡායාරූප පහතින්.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
No comments:
Post a Comment