චීන්නු හාරන උමග නිසා පොල්පිටියේ මහා ව්‍යසනයක්: ගමේ කොටසක් වැළලෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 31, 2016

චීන්නු හාරන උමග නිසා පොල්පිටියේ මහා ව්‍යසනයක්: ගමේ කොටසක් වැළලෙයි (PHOTOS)

චීන්නු හාරන උමග නිසා පොල්පිටියේ මහා ව්‍යසනයක්: ගමේ කොටසක් වැළලෙයි (PHOTOS)

ගිනිගත්හේන පොල්පිටිය ගම්මානයේ විශාල කොටසක් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ ගිලා බැසීමට ලක්ව තිබේ.

ඉදිකෙරෙමින් පවතින බෝර්ඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයට අයත් උමං මාර්ගයට ඉහළින් මෙම ගම්මානය පිහිටා ඇත.

පසුගිය මස 07 වැනි දා ද මෙම ගම්මානයේ කොටසක් ගිලා බැස්සේ නිවාසයක් ද පස යට සඟවමිනි.

ඊයේ රාත්‍රියේ සිදු වූ ගිලා බැසීමෙන් උමං මාර්ගය තුළ සේවයේ  නියුතුව තිබූ විශාල බැකෝ යන්ත්‍රයක් සහ ලොරි රථයක් ද පස්වලින් යට වී ඇති අතර උමං මාර්ගයේ සේවකයින් විසින් එ්වායේ රියදුරන් දෙදෙනා බේරාගැනීමට සමත් වී තිබේ.

අඩි 500ක පමණ වපසරියකින් යුතු කොටසක් මෙසේ ගිලා බැසීමට ලක්ව ඇති අතර ඒ අවට පිහිටි ගස්කොලං සහ අනෙකුත් නිවාසවලට ද දැඩි හානි සිදු වී තිබේ.

එම නිවාස ද ගිලාබැසීමේ දැඩි අවධානමකට පත්ව ඇති බව යි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ චීන සමාගමක්වන අතර මෙම සිදුවීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් හට චීන ජාතිකයින්ගේ දැඩි බාධාකිරීම් ද එල්ල විය.

උමං මාර්ගයට ඉහළින් පිහිටි නිවාස 37ක පදිංචිකරුවන් මේවන විටත් ඉවත් කර තිබෙන අතර තවත් පවුල් කිහිපයක් ඉවත් කිරීමට නියමිතව ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැළණි ගඟ හරස්කොට මෙම බලාගාරය ඉදිකරනු ලබන්නේ ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 35ක විදුලි ධාරිතාවක් එක් කරගැනීමේ අපේක්ෂාවෙනි.

ඡායාරූප පහතින් > > > 

රංජිත් රාජපක්ෂ - හැටන්

No comments:

Post a Comment

Post Bottom Ad