ශ්රී ලාංකික ජනතාව අතර සංහිදියාව වර්ධනය කරවීමේ අරමුණින් යාපනයෙන් ආරම්භ වූ 'සංහිඳියාව පා ගමන' පසුගිය 27වනදා සවස වව්නියාව නගරයට සේන්දු විය.
ශ්රී ලංකා මානව හිමිකම් සංවිධානය විසින් මෙම පා ගමන ආරම්භ කොට තිබුණේ පසුගිය 25 වන දින යාපනයේ නාගදීප විහාරස්ථානයෙනි.
එහි තුන්වන දිනය වන 27 වනදා වව්නියාව දිස්ත්රික්කයට ළගා වූ අවස්ථාවේදී වව්නියාව දිසාපති එම්. බී. පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පා ගමනෙහි පැමිණි පිරිස පිළිගනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ ශ්රී ලංකා මානව හිමිකම් සංවිධානයේ මහ ලේකම් ජයන්ත කළුබෝවිල මහතා කියාසිටියේ යුද මෙහෙයුම් වලින් පසුව මේ දක්වා කාලය තුළ රටේ සියලු ජන කොටස් අතර සංහිදියාව ගොඩනැගී නොමැති බවත් සියලු ජන කොටස් බෙදී වෙන්වී සිටින තත්ත්වයක් ඇති නිසා මෙම සංහිදියාවේ පා ගමන ආරම්භ කළ බවත්ය.
සියළු දෙනා බලය වෙනුවෙන් ක්රියාත්මක වෙද්දී සියළුම ආගමික නායකයින් සමග එක්වී උතුරේ සිට දකුණට ගමන් කරන මෙම පාගමනේදී සෑම ආගමික ස්ථානයක් අසලම නතර වී ජනතාව දැනුවත් කරන බවද ඔහු පැවසුවේය.
එසේ අවසන් වන විට උතුරේ විවිධ සංවිධානවලින් එක්වූ දෙමළ සාමාජිකයින් 500ක් සමග තම සාමාජිකයින් 4000ක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරණ බව ද ඒ මහතා පැවසීය.
සංහිදියාව වර්ධනය කරවන අතරතුර සංහිදියාව තුළින් උතුරේ වැසියන්ට ලැබියයුතු ප්රතිලාභ ලබාදීමට මැදිහත්වීම ද අහිමිවී ගිය අයිතිවාසිකම් ලබාදීමට ද තම සංවිධානය මැදිහත්වන බව ජයන්ත කළුබෝවිල මහතා වැඩිදුරටත් කියාසිටියේය.
මෙම පාගමන අනුරාධපුරය, පුත්තලම, මීගමුව, මොරටුව, ගාල්ල හරහා කිලෝමීටර් 540ක දුරක් ගෙවා හම්බන්තොටින් අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
No comments:
Post a Comment