යෝෂිතගේ මිත්තණියට නොතීසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

යෝෂිතගේ මිත්තණියට නොතීසි

යෝෂිතගේ මිත්තණියට නොතීසි

යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට ලබන 31 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රත් ඔගස්ටා අතපත්තු මහත්මිය අද (26) නියෝග කර තිබේ.

ඒ, මුදල් විශූද්ධිකරණ පනත යටතේ කෙරෙන විමර්ශනයකට අදාළව ගල්කිස්සේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දන්වා සිටියේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය වුවත් ඇය දිගින් දිගටම ප්‍රකාශය ලබාදීම පැහැර හරින බවයි.

මේ නිසා ඇයට ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නියෝගයක් නිකුත් කරන මෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.

එම කරුණු සලකා බැලූ කොළඹ අති‍රේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය මෙම නියෝගය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad