මාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

මාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරනවා

එජාපයේ ඇතැම් කණ්ඩායාම් තමන් දේශපාලන ලෙස නැති කිරිමට ගත් උත්සහ අසාර්ථක විමෙන් පසුව දැන් තම්න් ඝාතනය කිරිම සදහා කුමන්ත්‍රණය කරන බව හෙලිකොප්ටර් අනතුරින් නුලින් දිවි බේරාගත් එක්සත් ජාතික පක්ෂයේ නී.නායක ලෙස තමන් විසින් පමණක් හදුනා ගන්නා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද එම අවස්ථාවෙන් පසුව නවින් දිසානායක අමාත්‍යවරයා සමග පවසා තිබේ.

නුවරඑළිය සිනිසිටා ශාලාවේ පැවති උත්සවයකට සහභාගි විම සදහා නවින් දිසානායක, සජිත් පේ‍්‍රමදාස සහ ඉන්දික බණ්ඩාරණායක යන අමාත්‍යවරුන් ගමන් ගත් දයා ගමගේ අමාත්‍යවරයාට (Daya Aviation) සමාගමට අයත් හෙලිකොප්ටර් යානයක් හදිසි අනතුරකට ලක්වු අතර පසුව නුවරඑළියේ එළවලූ කොටුවකට ගොඩ බස්වා යන්තම් අමාත්‍යවරුන් තිදෙනා බේරාගැනිමට සමත්ව තිබේ.

අදාළ උත්සවයෙන් පසුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස නවින් දිසානායක අමාත්‍යවරයා සමග පවසා ඇත්තේ තමන් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබේන් බවට තොරතුරු වාර්තා වි තිබුන බවයි.

අදාළ හෙලිකොප්ටර් යානය ලබාගැනිම සම්බන්ධයෙන් අප සජිත්ගේ අමාත්‍යාංශයේන් කල සොයා බැලිමකදි අනාවරණය වුයේ නුවරඑළිය සිනිසිටා ශාලාවේ පැවති උත්සවයකට සහභාගි විම සදහා යුධ හමුදා හෙලිකොප්ටරයක් ඉල්ලා අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානී සාගල රත්නායකට අවශ්‍ය පරිදි තොරතුරු සපයා තිබුනද අද දිනයේ එම ඉල්ලිම ඉටු කල නොහැකි බවත් රජයේ අමාත්‍යවරුන්ගේ ගමනා ගමනය සදහ පෞද්ගලික හෙලිකොප්ටර Daya Aviation හරහා ලබාගත යුතු බවත් ඒ සදහා යන වියදම් සිය අමාත්‍යාංශයේ අයවැය හරහා සපයා ගතයුතු බවද දැනුම් දි තිබේ.

ඒ අනුව Daya Aviation හරහා එම හෙලිකොප්ටරය ලබාගැනිමට කටයුතු කර ඇති අතර සිදුවු කාර්මික දෝෂය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පොලිසියට නියෝග කර තිබේන බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය  නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක්  ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේන බවත් ඊළග ජාතික ආණ්ඩුවේ අගමැති කම තමන්ට ලබා ගැනිම  එම කුමන්ත්‍රණයේ කොටසක් වන අතර ඒ වෙනුවෙන් ‘වොටර්ස් එජ් ටීම්’යනුවෙන් කණ්ඩායමක්ද ඔහුගේ නායකත්වයෙන් සකස් කර තිබෙනවා.

මිට අමතරව එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර මෛත්‍රීපාල සිරිසේන සමග වෙනම ආණ්ඩුවක් සැකසිම සදහා කිළී මහාරාජා සමග මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින සජිත් ප්‍රේමදාසගේ දුරකතන සියල්ලම ටැප් කිරිමට අගමැතිවරයා කටයුතු කර ඇති බවටද අප තොරතුරු අනාවරණය කර තිබුනා.

අමාත්‍ය දයා ගමගේ දැඩි රනිල් වාදියියෙකු වන අතර සජිත්ට එරෙහිව වෙබ් අඩවි රැසක් පවත්වාගෙන යෑම සදහා සිය පෞද්ගලික මුදල් ලබා දෙන අයෙකුද වෙනවා.

සජිත් පාර්ශ්වය ‘වොටර්ස් එජ් ටීම්’ හදයි එජාප අර්බුදය යලි කරලියට

සජිත්ගේ දුරකතන රනිල් ටැප් කරයි



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad