ධම්මාලෝක හිමිට රට යන්න අවසර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 30, 2016

ධම්මාලෝක හිමිට රට යන්න අවසර

ධම්මාලෝක හිමිට රට යන්න අවසර

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගත්තැයි කියන උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලන්ඩනයේ පින්කමකට සහභාගී වීම සඳහා මහාධිකරණය අද(30) අවසර දුන්නේය.

ඒ අනුව ගමන් බලපත්‍රය සැප්තැම්බර් 13 වැනිදා අධිකරණයට බාර දෙන ලෙස මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද නියෝග කළේය.

නාදුනන කෙනෙකු තමන් වැඩ සිටින පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ගේට්ටුව ලඟ අලි පැටියා දමා යන්නට ඇතැයි ද තමා එම පැටවා ඇති දැඩි කළැයි ද ධම්මාලෝක හිමියන් රහස් පොලිසියට ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad