අඹුසැමි ආරවුල පිරික්සන්න ‘අල හොද්දක්’ උසාවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

අඹුසැමි ආරවුල පිරික්සන්න ‘අල හොද්දක්’ උසාවියට





තම බිරිය වස සහිත කුඩු විශේෂයක් තම ආහාර වේලට කලවම් කළැයි කියන සිදුවීමකට අදාළව සැමියකු විසින් පොලිසියට භාරදුන් සැක සහිත ආහාර පාර්සලය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම ආහාර පාර්සලය අල හොද්දක් ලෙස හඳුනාගෙන ඇත.

කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා දන්වා සිටියේ එම අල හොද්ද
රජයේ රස පරීක්ෂකවරයාට යොමු කොට වාර්තාවක් කැඳවන ලෙසය.

ස්වාමියාට වෙනත් සම්බන්ධයක් ඇතැයි කියමින් අවුරුදු 45ක් පමණ වයසැති කඳයාය ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක්
නිතර නිතර සුළු ආරවුල් ඇති කර ගෙන තිබුණි.
පසුගිය දිනක සැමියා නිවෙසට පැමිණ ඇති අවස්ථාවේ බිරිය විසින් යාබද නිවෙසකින් ඉදිආප්ප ඇණවුම් කර ඇති අතර
අල හොදිවලට යම් කුඩු විශේෂයක් කලවම් කරනු දුටු යාබද නිවැසියා එය සැමියාට සැල කිරීමෙන් ඇති වූ තද බල සැකය මත සැමියා සහ අදාළ යාබද නිවැසියා දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාට මේ පිළිබඳ පැමිණිලි කර තිබිණි. පසුව බිරිය කැඳවා ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැක සහිත ආහාර පාර්සලය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් පරීක්ෂක කපිල සිල්වා, පොලිස් කොස්තාපල් රෝහාන් (53314) යන නිලධාරීහු ආහාර පාර්සලය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීහ.
ගිරිඋල්ල - ඔවින් කෞශල්‍ය



No comments:

Post a Comment

Post Bottom Ad