ලබන මස සිට කෝප් සභාව මාධ්‍යයට විවෘත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

ලබන මස සිට කෝප් සභාව මාධ්‍යයට විවෘත වෙයි

ලබන මස සිට කෝප් සභාව මාධ්‍යයට විවෘත වෙයි

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා මාධ්‍යවලට සහභාගි වීමට සැප්තැම්බර් මාසයේ සිට අවස්ථාව ලබාදිය හැකි බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ඒ, ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ඇතිවූ සංවාදයකින් අනතුරුවය.

ඊයේ පාර්ලිමේන්තුවේදී සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කෝප් කමිටුව සම්බන්ධයෙන් මාධ්‍යවලට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පෙන්වාදීමෙන් අනතුරුව කතානායකවරයා මෙම තීරණය ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කර සැප්තැම්බර් මාසයේ සිට කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad