අතුරුදන් වූවෝ ළිං පතුලේ දැයි සැකයක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

අතුරුදන් වූවෝ ළිං පතුලේ දැයි සැකයක් !

යාපනය දූපත් ප්‍රදේශවල වසා දමා ඇති ළිං අධිකරණ නියෝග මත  වහාම පරීක්ෂා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

පසුගිය රජය සමයේ අතුරුදන් වූ විශාල පිරිසකගේ මළ සිරුරු  එම ළිං තුළ පවතින බවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් තුළ විශ්වාසය පවතින බව ඇය පවසයි.

අතුරුදන් වූ තම ඥාතීන් යාපනය දූපත් ප්‍රදේශවල ළිං තුළට දමා පස්වලින් වසා දමා ඇති බව ඔවුන් පවසන බව විජේකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සඳහන් කරයි.

පුනරුත්ථාපනය කළ අයට රෝග !

මේ අතර, පුනරුත්ථාපනය කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ තොරතුරු හා වෛද්‍ය වාර්තා එක්රැස් කිරීමට කටයුතු කරන බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පවසයි. උතුරු පළාත් සභාව මගින් සම්මත කරගත් යෝජනාවක් අනුව එම තොරතුරු එක්රැස් කරන බව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පුනරුත්ථාපනය වී සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ තොරතුරු සහ විවිධ රෝග සඳහා ලබාගන්නා ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය වාර්තා උතුරු පළාතේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරී කාර්යාල වෙත ලබාදිය යුතු බවට මේ වන විට දැනුම් දී ඇත.

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හඳුනානොගත් රෝගවලින් මියගොස් ඇති අතර තවත් පිරිසක් හඳුනානොගත් රෝගයන්ට ගොදුරු වී ඇති බවට පසුගියදා චෝදනා එල්ල වුණි. එම චෝදනාව පිළිබඳව ජාත්‍යන්තර මට්ටමමේ පරීක්ෂණයක් සිදුකළ යුතු බවට උතුරු පළාත් සභාව මගින් යෝජනාවක් සම්මත කරගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad