මිලින්දගේ පාත්ෆයින්ඩර් ත්‍රී’මලේ තෙල් ටැංකි සුද්ධයක ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

මිලින්දගේ පාත්ෆයින්ඩර් ත්‍රී’මලේ තෙල් ටැංකි සුද්ධයක ?

හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ප්‍රධානත්වය දරණ පාත් ෆයින්ඩර් නම් සමාගම හරහා ත්‍රී’මලේ තෙල් ටැංකි සංකීර්ණය විකුණා දැමීමට හෝ බදුදීමට නිල නොවන මට්ටමේ ගණුදෙණුවක් කර ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ.

අදාළ, ගණුදෙණු සිදුකර ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නොදැනුවත්ව බව පැවසේ. අගමැතිවරයාගෙන් ඊට අනුබල ලැබී ඇතිබවටද සැකයක් පවතී. කෙසේවුවද, වසර 2003 දී මේ ටැංකි සංකීර්ණය ඉන්දියන් ඔයිල් සමාගමට වසර 35කට බදු දී ඇති බවට රාවයක් පැවැතියද එය බදුදී ඇත්තේ නීත්‍යානුකූල නොවන අයුරකින් බවද වාර්තා වේ.

ඒ සඳහා කිසිදු ගිවිසුමක් නොවූවද මේවන විට අදාළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් ඉන්දීය ඔයිල් සමාගම භුකිතිවිඳින බවද පැවසේ. එහි ප්‍රතිථලය වී ඇත්තේ රජයට මේවායින් කිසිදු බදු කුළියක් මෙතෙක් නොලැබීම බවද වාර්තා වේ.

ඒ වැඩෙත් කෑවේ මිලින්ද

මෙසේ ලිඛිත නොවන ගිවිසුම ඇතිවීමට හේතුවී ඇත්තේද මිලින්ද මොරගොඩ මහතා බව පැවසේ. ඔහු විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා වශයෙන් සිටියදී ඔහුට අයත් නොවන විශය පථයක් වන මේ විශය සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට මැදිහත්වීම මේ අවුලට හේතුව බව වාර්තා වේ.

ටැංකි කේස් එකට මෝදිගේ ෆේස්එක

කෙසේවුවද, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවේ සිදු කළ සංචාරය අතරතුර මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවද මේ අතර වාර්තා වේ. එම සාකච්ඡාවලදී ඉන්දීය ඔයිල් සමාගම සමඟ එක්ව ඉන්දීය ඔයිල් හට කටවචනයෙන් දී ඇති තෙල් ටැංකි 14 හැර සෙසු ටැංකි 85 සංවර්ධනය කිරීමට එකඟතාවයක් ඇතිකරගෙන ඇති බව පැවසේ.

ඒ අනුව මේ සංවර්ධන කටයුත්තට ඒකාබද්ධ කාර්යා සාධක බලකායක්ද පත්කරගෙන තිබේ. එම කමිටුවට දසදෙනෙකි. එහි සභාපති ඇතුළු 6ක් ලංකාවේය. සෙසු සිව්දෙනා විදේශිකයන්ය. එහි සභාපතිවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයෙකි.

ත්‍රී’මලේ තෙල් ටැංකි සංකීර්ණය

ත්‍රී’මලේ තෙල් ටැංකි සංකීර්ණයට ටැංකි සියයක් ඇතුළත්වේ. එහි එක් ටැංකියක් ජපනුන් බෝම්බ හෙලීම නිසා විනාශයට පත්ව තිබේ. මේ සංකීර්ණය 1930 දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කර ඇත.

එම ටැංකි එකින් එක සම්බන්ධකරමින් ත්‍රීකුණාමලයේ චීන වරායේ සිට නලද එලා ඇති අතර ඉන් එකක ධාරිතාව ඝණ මිටර් 12,500ක් හෙවත් මෙට්‍රික් ටොන් 10,000කි.

මූලාශ්‍රය - ලංකා ඉරිදා සංග්‍රහය

No comments:

Post a Comment

Post Bottom Ad