විජේවීර ඇතුළු පිරිසක් ගැන පැමිණිලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

විජේවීර ඇතුළු පිරිසක් ගැන පැමිණිලි

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර, ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක, දේශපාලන මණ්ඩල සභිකයන් වන ශාන්ත බණ්ඩාර, එච්.බී. හේරත් ඇතුළු පිරිසක් පිළිබඳ අතුරුදන් වූවන්ගේ කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි රාශියක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වන බව 'ලංකා ට්රුත්' වෙබ් අඩවිය වාර්තා කරයි.

ජවිපෙ මෙම සාමාජිකයන්ව 1988, 89 කාල වකවානුවේ එවකට රජය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ යැයි ප්‍රකාශ කළ අතර අත්අඩංගුවේ සිටියදී රෝහණ විජේවීර මහතා ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතන අයුරුදු එකළ විකාශනය විය.

කෙසේ නමුත් විජේවීර මහතා ඝාතනය කළ බව පසුව වාර්තා වුවද ඒ මහතාගේ දේහය අඩුම තරමේ ඔහුගේ දරුවන්ට හෝ දැක ගැනීම නොහැකි වූ බවත් එලෙස රජයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ජවිපෙ සාමාජිකයන් බොහෝ පිරිසක් පිළිබඳ කිසිඳු තොරතුරක් මෙතෙක් ලැබී නැති බවත් පසුගිය 11වනදා පාරල්මේන්තුවේදී ජවිපෙ මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසීය.

පසුගිය 11 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන කමිටු ලේකම් කාර්යාලය පිහිටු වූ අතර ඒ සඳහා මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා යැයි ප්‍රකාශ කරන ජවිපෙ එවකට නායක රෝහණ විජේවීර මහතා ඇතුළු සාමාජිකයන් අතුරුදන් වූවන් ලෙස සැලකෙන්නේ එම පුද්ගලයන්ගේ මෘත ශරීර ඔවුන්ගේ ඥාතීන්ට හෝ ජනතා විමුක්ති පෙරමුණට භාරදී නොමැති හෙයින් බවද බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කාල සීමාවකින් තොරව :

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටු ලේකම් කාර්යාල පනතට අනුව කාල සීමාවකින් තොරව අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ බලය පැවැරී තිබෙන බවත් ඒ අනුව ජවිපෙ විසින් ඉදිරියේදී අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට සූදානම් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

'ශ්‍රී ලංකා මිරර්' මේ සම්බන්ධයෙන් කල විමසීමකදී විදේශ අමත්‍ය මංගල සමරවීර මහතා පැවසුයේ, කාල සීමාවකින් තොරව අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ බලය අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටු ලේකම් කාර්යාලයට හිමිවුවද එහිදී ප්‍රමුඛතාවය හිමිවන්නේ ආසන්නම අතුරුදන් වීම සම්බන්ධයෙන් බවයි.

88-89 සමයේ දී පමණක් නොව 1971දී සිදුව ඇති අතුරුදන්වීම් සම්බන්ධයෙන් ද මෙම කාර්යාලයට පැමිණිලි කිරීමට හැකියාවක් ඇතැයි ඔහු කියා සිටියේය.

88-89 සමයේ අතුරුදන් වුවන් වෙනුවෙන් 'මව්වරුන්ගේ පෙරමුණ' ගොඩනගමින් පුළුල් දේශපාලන මෙහෙයුමක් දියත්කල මංගල සමරවීර මහතා, එම වකවානුවේ දකුණේ තරුණ තරුණියන් 60,000කට වැඩි ප්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇතැයි ලොව හමුවේ කියා සිටියේය. එකල 'මව්වරුන්ගේ පෙරමුණේ' සම සංවිධායක වුයේ මහින්ද රාජපක්ෂ මහතාය.

No comments:

Post a Comment

Post Bottom Ad