“මේ දේශද්‍රෝහී පනත සම්මත වූවා කියා අපි පිළිගන්නේ නැහැ”
– ජානිපෙ නායක, විමල් වීරවංශ
අමිල කැප කිරීමක්කර ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් ගලවාගත් ආරක්ෂක හමුදාවන්ට එරෙහි අභූත චෝදනා නිර්මාණය කරන රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට අදාළ පනත නීතිවිරෝධි ලෙස සම්මතකර ගත් බැවින් එය සම්මත වූවා කියා ඒකාබද්ධ විපක්ෂය පිළිනොගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“අද පාර්ලිමේන්තුවට ගෙන ආවේ සාමාන්‍ය පනත් කෙටුම්පතක් නොවෙයි. මේ ආණ්ඩුව බලයට පත් වූවාට පසු ගෙන ආ බරපතළම, දේශද්‍රෝහීම පනත තමයි අද ගෙන ආවේ. මේ රටේ ඔබටත්, මටත් නිදහසේ හුස්ම ගැනීමට ඉඩ හදන්න රණවිරුවන් 65,000ක් දිවි පිදුවා, එහෙම නැතිනම් අතපය අහිමිකර ගත්තා.
එවැනි අමිල කැප කිරීමක් කරපු අපේ රටේ ආරක්ෂක හමුදාවන්ට එරෙහි අභූත චෝදනා නිර්මාණය කරන රාජ්‍ය ආයතනයක් පිහිටුවීමයි මේ පනත මගින් සිදු වන්නේ. ඒකයි අපි මේ පනත දේශද්‍රෝහී පනතක් ලෙස හඳුන්වන්නේ. .
‘මෙවැනි ආයතනයක් හදපු ලෝකයේ එකම රට’
මේ ආයතනය පොලිස් බලතල මෙන්ම අධිකරණ බලතලත් සහිත අමුතුම ආකාරයේ එකක්. තමන්ගේ රටේ ත්‍රස්තවාදය තුරන් කරපු හමුදාවට එරෙහිව චෝදනා නිර්මාණය කරන්න මෙවැනි ව්‍යුහයක් නිර්මාණය කර දීපු ආණ්ඩුවක් ලෝක ඉතිහාසය තුළ හමුවන්නේ නැහැ.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එදා මංගල පින්සිරි සමරවීර විදේශ අමාත්‍යවරයා අත එසවූවා. එම යෝජනාව අනුව ශ්‍රී ලංකා රජය සම්මත කළ යුතු පනත් කිහිපයක් තිබෙනවා. ඉන් පළමු පනත තමයි අද මේ කඩිමුඩියේ සම්මතකර ගනු ලැබුවේ.
රාජ්‍යයේ ආරක්ෂක හමුදාවන් අනතුරට ඇද හෙළන, ඔවුන් කළ කැපවීම සම්පූර්ණයෙන් පිළිකුළෙන් බැහැර කරන, සාක්ෂි ආඥා පනත පවා නොසලකා රාජ්‍යයේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට අභූත චෝදනා වරගන්වා ඉදිරිපත් කරන පනතකට ඒකාබද්ධ විපක්ෂයේ අපට අත එසවීමට පුළුවන්ද ?
අපට සාධාරණ ඉල්ලීමක් තිබුණා. අප ඉල්ලුවා ‘ කරුණාකර අපට සාධාරණ කාලයක් දෙන්න, මේ පනතේ තිබෙන අනතුර රටට කියන්න’ කියලා. නමුත් මේ ද්‍රෝහී ආණ්ඩුව ඊට ඉඩ නොදී තම අරමුණ ඉටුකර ගත්තා.
‘වික්‍රමසිංහලා – සම්බන්ධන්ලා – අනුරලා එකට අත එසවීම’
‘මහින්ද රාජපක්ෂ යුද්ධ කරන්නේ නැහැ. අපි තමයි එයාට යුද්ධය ඉදිරියට ගෙන යන්න උපදෙස් දුන්නේ.’ කියා පාරම්බාපු රතු අලි පැටවුනුත් මේ පනතට පක්ෂව ඡන්දය දුන්නා. ආණ්ඩුවට අවශ්‍ය නම්, අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමට පත් කළ පරණගම කොමිසමේ බලතල තව ටිකක් පුළුල්කර අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදිකර ගන්න තිබුණා.
පරණගම කොමිසම 20,000ක පමණ අතුරුදහන් වූවන් ගැන කීවා. විදෙස්ගත වූවන්, ඉන්දියාවේ අවතැන් වී සිටින අය අතුරුදහන් වූවන් ලෙස සලකන බව කීවා. එසේ තිබියදී මේ අය අද හැදුවේ බටහිර බලවතුන්ට අවශ්‍ය ව්‍යූහයයි. යුද්ධය ජයගත් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමේ තවත් පියවරක් ලෙසයි මේ පනත ගෙන ආවේ.
ආණ්ඩුව වගේම නිල විපක්ෂයේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ පනතට එක්ව අත ඔසවන විට අද පාර්ලිමේන්තුවේදී මැනවින් පෙනුණා ‘ බටහිරින් එන න්‍යාය පත්‍රයට කර ගහලා තිබෙන්නේ කවුද? ‘ කියලා. ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවට ජිනීවා ගිහිල්ලා, මංගල පින්සිරි සමරවීර අත ඔසවනවා. ඒ යෝජනාවට අනුව ගෙන එන පනත් කෙටුම්පතට වික්‍රමසිංහලා – සම්බන්ධන්ලා – අනුර දිසානායකලා එකට අත ඔසවනවා. අද සිදු වෙලා තිබෙන ‘වෙනස’ ඒකයි.
‘මෙම පනත සම්මත වූ බව අප පිළිගන්නේ නැහැ’
විධිමත් සභාවක මේ පනත සම්මත වුණේ නැහැ. මන්ත්‍රීවරුන් තැන් තැන්වල හිටියා. බෙදීමක් මම තනියෙන් කෑගසා ඉල්ලුවා. කථානායකවරයා එය ඇහුණේ නැහැ වගේ සිටියා. ඡන්ද විමසීමක් ඉල්ලා සිටියදී එය නොඇසුණා වගේ සිට පනත සම්මත වූවා යැයි කථානායකවරයා ප්‍රකාශ කළ පමණින් අප එය පිළිගන්නේ නැහැ.
එදා ‘ශිරානි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය ඉවත් කිරීම නීත්‍යනුකූලව සිදු වුණේ නැහැ’ කියන පදනමේ ඉඳලා මේ ආණ්ඩුව බලයට ආපු ගමන් ලංකා ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් එවකට අග විනිසුරු මොහාන් පීරිස් මහතා නීතියට පිටින් ඉවත් කළා. ඒ අනුව යමින් නීතිවිරෝධීව සම්මත කරගත්තා වූ මේ පනත සම්මත නොවූ පනතක් සේ සලකා කටයුතු කිරීමට ඉදිරියේදී එන ආණ්ඩුවකට ඕනෑවටත් වඩා අයිතිය තිබෙනවා. ඒ පදනමේ සිට අප මේ පනත පිළිගන්නේ නැහැ”
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
Saturday, August 13, 2016

බලෙන් සම්මත කල පනතේ කෙස් කෙලින් වෙන මහ භයානකකම විමල් කියයි..
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment