හෙට සිට යාල කොටසක් තාවකාලිකව වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 31, 2016

හෙට සිට යාල කොටසක් තාවකාලිකව වසා දමයි

හෙට සිට යාල කොටසක් තාවකාලිකව වසා දමයි

යාල I කොටස පමණක් සැප්තැම්බර් 01 වනදා සිට ඔක්තෝම්බර් මස 15 වනදා දක්වා වසා තබන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. 

යාල අංක III, IV සහ V යන කොටස් සංචාරකයින් හට ගමන් කළ හැකි බවත් එම කොටස් සංවර්ධනය කර ඇති බැවින් සතුන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි බවත් අමාත්‍යංශය සඳහන් කරයි.  

බුත්තල - කතරගම ප්‍රධාන මාර්ගයේ ගල්ගේ පිවිසුමෙන් මෙම කොටස් වෙත ප්‍රවේශ වීමට හැකියාව පවතින අතර යාල V කොටසෙහි සංචාරක බංගලා 02 ක් පවතින බැවින්, එම සංචාරක බංගලා දෙක ද සංචාරකයින්ගේ පහසුව සඳහා ප්‍රධාන කාර්යාලයෙන් වෙන්කර ගත හැක. 

යාල I කොටසෙහි නව සංවර්ධන වැඩපිළිවෙලක් හෙට සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බැවින්, ඔක්තෝම්බර් මාසයේ දී යාල I කොටසෙහි සංචාරකයින් හට නව අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසී ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad