විදෙස් වෙබ් අඩවියක් ජනපති ගැන පළ කළ පුවත ජනපතිගේ පෞද්ගලික අවධානයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 28, 2016

විදෙස් වෙබ් අඩවියක් ජනපති ගැන පළ කළ පුවත ජනපතිගේ පෞද්ගලික අවධානයට

විදෙස් වෙබ් අඩවියක් ජනපති ගැන පළ කළ පුවත ජනපතිගේ පෞද්ගලික අවධානයට

කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධව සිදුවූවා යැයි පැවසෙන සිද්ධියක් පිළිබඳව සිඩ්නි මෝනින් හැරල්ඩ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එවැනි සිද්ධියකට තමාගේ කිසිඳු සම්බන්ධයක් හෝ දායකත්වයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටින බව ය.

අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට උපදෙස් දී ඇති බවට අදාළ නිවේදනයේ සඳහන් වේ.

තම දේශපාලන ජීවිතයේදී කිසි දිනෙක දූෂණ අක්‍රමිකතාවක් සඳහා මැදිහත් වීමක්, අනුබල දීමක් හෝ සම්බන්ධයක් සිදු වී හෝ සිදු කර නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad