පිල්ලෙයාන් යළිත් රක්ෂිතයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

පිල්ලෙයාන් යළිත් රක්ෂිතයට

පිල්ලෙයාන් යළිත් රක්ෂිතයට

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහු අද (24) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මඩකළපුව මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා නියෝග කර ඇත්තේ යළිත් සැප්තැම්බර් මස 07වන දින දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත තබන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 09 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad