පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දී සිසුන් අපහසුතාවයට පත් කළ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ කෙසේවුවද පසුගිය කාලයට සාපේක්ෂව මෙවර එතරම් සැලකිය යුතු විභාග අක්‍රමිකතා ප්‍රමාණයක් වාර්තා නොවූ බවත් ලබන වසරේ සිට විභාග මධ්‍යස්ථානවල රාජකාරී සඳහා අලුතින් බඳවාගත් විදුහල්පතිවරුන් ද යෙදවීමට තීරණය කර ඇති බවත්ය.
කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ විභාග වැරදි සම්බන්ධයෙන් නිලධාරීන් මත වරද පටවා අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි.
No comments:
Post a Comment