රට බෙදීමට සැරසෙන සිව්දෙනෙක් පාර්ලිමේන්තුවේ - හේමකුමාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 28, 2016

රට බෙදීමට සැරසෙන සිව්දෙනෙක් පාර්ලිමේන්තුවේ - හේමකුමාර

රට බෙදීමට සැරසෙන සිව්දෙනෙක් පාර්ලිමේන්තුවේ - හේමකුමාර

ජාත්‍යන්තර සංවිධාන සමඟ එක් වී ෆෙඩරල් රාජ්‍යක් ඇතිකර එමගින් රට බෙදීමට උත්සාහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සිටින බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

ජනපති, අගමැති ක්‍රියාත්මක කරන සංහිඳියාව නැති කිරීමට මොවුන් ක්‍රියා කරන බවත් ඉදිරියේ දී මේ හතර දෙනා කවුදැයි ජනතාවට එළිකරන  බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මේ අදහස් පල කලේ මව්බිම ජනතාපක්ෂයේ සමුළුව අමතමිනි.

රණවිරුවන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට රැක ගත යුතු බවත්, උතුරේ කඳවුරු ඉවත් කිරීමේදී ඒ ගැන වඩාත් අවධානය යොමුකළ යුතු බවත්, තමන් පෙඩරල් ක්‍රමයකට සහය නොදෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad