ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් නුවර සහ කොළඹ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමනක් පැය 15ක් පමා කිරීමට හේතු වූ කපිතාන්වරයාගේ නියමු බලපත්‍රය අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර තිබේ.
පසුගිය අගෝස්තු 19 වනදා ෆ‍්‍රෑන්ක්ෆර්ට් නුවර සිට ගමන් ඇරඹීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ සේවයට අනුයුක්තව සිටි මෙම කපිතාන්වරයා එම ගුවන් තොටුපළේදී සිදුකළ මත්පැන් පරීක්ෂාවෙන් අසමත් වූ අතර ඉන් පසු ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කළේය.
එම සිද්ධියට අදාළ පරීක්ෂණ නිමවන තුරු ඔහුට නිකුත් කළ නියමු බලපත්‍රය අත්හිටුවන බවට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා ඊයේ (22) ලිපියකින් දන්වා තිබේ.
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා එමගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඔහුගේ නියමු බලපත්‍රය අවලංගු නොකිරීමට දින 07ක් ඇතුළත හේතු දක්වන ලෙසයි.
No comments:
Post a Comment