බැංකු පොලී අනුපාත නැංවීමෙන් කෝටි පන්දාහකින් ණය බර වැඩිවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

බැංකු පොලී අනුපාත නැංවීමෙන් කෝටි පන්දාහකින් ණය බර වැඩිවෙයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාතිකයන් ඉහළ දැමීමෙන් සියළු මුල්‍ය ආයතනවල පොලිය වැඩිවීම නිසා දින කිහිපයක් තුල මෙරට දේශීය ණය කෝටි 5200කින් ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව විසින් පදනම් පොලී අනුපාතය දශම පහකින් ඉහළ දැමීමෙන් පසු බොහෝ බැංකුද සිය පොලී අනුපාතය 1%කින් පමණ ඉහළ දැමීය.

එනිසා රජය දේශීය ණය ගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර පොලියද ඉහළ යාමෙන් මෙම තත්වය පැන නැගී ඇත. 2016 මාර්තු මස අවසන් වන විට රජය භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් ටි‍්‍රලියන 5.2ක (රුපියල් කෝටි ලක්ෂ 5200* ණය ලබාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad