බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සිදුකර ඇත්තේ ඔහුගේ හිසට මොට ආයුධයකින් පහරදීමෙන් බව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
අද (25) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රමේෂ් අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.
එහිදී හෙළි වුණේ හිසට එල්ල වී ඇති පහරදීමකින් ශරීර අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.
අවසන් වරට ඔහු ගත් ආහාරය පවා ජීර්ණය වීමට පෙර මොහු ඝාතනය කර ඇති බවට ද එහිදී අනාවරණය වී තිබේ.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද මාලිගාවත්ත - මුස්ලිම් දේවස්ථාන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
Thursday, August 25, 2016
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ හැටි හෙළිවෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment