එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී ශී‍්‍ර ලාංකික තරුණයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
එම වෙරළ තීරයේ රැඳී සිටි පුද්ගලයින් බොහෝමයක් අදාළ තරුණයින් 05දෙනාම දියෙහි ගිලෙණු දැක ඇති බව එංගලන්තයේ පළ වන ඩේලි මේල් පුවත්පත වාර්තා කරයි.
මේ වනවිට මියගිය 05 දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර අනෙක් දෙදෙනාගේ සිරුරු සෙවීම සදහා හෙලිකොප්ටර් යානා සහ කිමිඳුම් කණ්ඩායම් මඟින් මෙහෙයුමක් දියත් කොට තිබේ.
මෙම පිරිස ලන්ඩන් නුවර සිට එක්දින චාරිකාවක් සදහා කැම්බර් වෙරළට පැමිණ ඇති බව වාර්තා වන අතර ඔවුන් එංගලන්තයේ පදිංචි වී සිටින ප‍්‍රදේශය ලන්ඩනය බවට තහවුරු වී ඇතත් ඔවුන් නීත්‍යානුකූලව එංගලන්තයේ රැඳී සිටි පුද්ගලයන් දැයි තහවුරු කළ නොහැකි බව එරට පොලීසිය ප‍්‍රකාශ කරයි.
එංගලන්තයේ ගී‍්‍රෂ්ම ඍතුව ගෙවී යන මෙම කාලසීමාව තුළ බොහෝ පිරිස් වෙරළාසන්න ප‍්‍රදේශවල සහ එළිමහන්වල ගතකරන අතර අදාළ තරුණයන් අනතුරට පත්වන අස්ථාවේදී කැම්බර් වෙරළෙහි අති විශාල පිරිසක් සිටි බව ද වාර්තා වේ.
ඡායාරූප පහතින්.
No comments:
Post a Comment