යාපනය මල්ලාකම් කෝනපුලව් සහන කඳවුරේහි ජීවත් වන ජනතාව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීම් කොට තිබේ.
ඒ යුද්ධයෙන් පසු නැවත පදිංචියට පැමිණි ඔවුන්ට හිමිව තිබූ ඉඩම් යළි ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.
පසුගිය 27වනදා සවස යාපනය ප්‍රදේශයේ සංචාරයකට සහභාගි වු අමාත්‍ය මංගල සමරවීර මහතා යාපනය මල්ලාකම් කෝනපුලව් සහන කඳවුරේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට සහභාගි වූ අවස්ථාවේදී එහි ජනතාව මෙලෙස ඉල්ලීමක් කර තිබේ.
ඔවුන් අමාත්‍යවරයා හමුවේ අදහස් දක්වමින් කියාසිටියේ තමන් යුද්ධය හේතුවෙන් අවතැන් වී දැනට වසර 26ක් පමණ ගතවී ඇති බවත් තමන්ගේ මුල් ඉඩම් ආරක්ෂක අංශ කඳවුරු සඳහා පවරා ගැනීම නිසා තමන් උපන් බිම තුළම අවතැන්වූවන් බවට පත්ව ඇති බවත්ය.
ඊට අමතරව ඔවුන් එහිදි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් ධීවර කර්මාන්තය සිදු කරමින් ජිවත්වු යාපනය මයිලිටි ධිවර වරාය ද නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.
කඳවුරු ජනතාව සමඟ සාකච්ජා කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යාපනය අවතැන් කඳවුරු කඩිනම්න් අවසන් කොට අවතැන් කඳවුරු තුළ ජිවත්වන ජනතාවගේ මුල් ඉඩම් නැවත ලබාදීමට කඩිනම් පියවර ගන්නා බවයි.
මෙම සංචාරයට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
No comments:
Post a Comment