කුවේට්හි රැකියා සඳහා ගොස් විවිධ හිංසනයන්ට ලක්වූ ශ්රී ලාංකික කාන්තාවන් 35 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ විශේෂ ගුවන් යානයකින් එම පිරිස දිවයිනට පැමිණි බවයි.
මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ කුවේට්හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැදී සිටි පිරිසකි.
2016 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ කුවේට්හි සුරක්ෂා නිවසේ රැදී සිටි ශ්රී ලාංකික ශ්රමිකයින් 1183 දෙනෙකු යළි දිවයිනට ගෙන්වාගෙන තිබේ.
මේ අතර සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ රැදී සිටි කාන්තාවන් 09 දෙනෙකු ද දිවයිනට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
No comments:
Post a Comment