සිගරට් බදු වැඩි කිරීමේ භාණ්ඩාගාර නිරීක්ෂණ ප‍්‍රමාදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 30, 2016

සිගරට් බදු වැඩි කිරීමේ භාණ්ඩාගාර නිරීක්ෂණ ප‍්‍රමාදයි

සිගරට් බදු වැඩි කිරීමේ භාණ්ඩාගාර නිරීක්ෂණ ප‍්‍රමාදයි

බෝනොවන රෝග පිළිබද අවධානම් සාධක සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි. 

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත බෝනොවන රෝග පිළිබද අවධානම් සාධක සමීක්ෂණ වාර්තාව පිළිගන්වන ලදි. 

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාව තුළ දුම්පානය කරන්නන් සියයට 10.2 දක්වා අඩු වී ඇති බවයි. 

දුම්පානයේ ඇති අහිතර බලපෑම් ගැන ජනතාව අවබෝධයක් ලබාගෙන තිබෙන බවත් එමෙන්ම ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් ද අත්සන් කරමින් සිගරට් සහ දුම්කොළ සමාගම්වලින් සියයට 90 ක් දක්වා බදු අයකිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබූ බවත්, එම අමාත්‍ය මණ්ඩල සන්දේශයට අද දිනයේ දී මුදල් අමාත්‍ය අමාත්‍යාංශය සිය නිරීක්ෂණ ගෙන ආ යුතු බවත්, නිරික්ෂණ ගෙනඒම සතියක් ප‍්‍රමාද වී තිබෙන නිසා අද දිනයේ (30) එම නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයට ගෙන එනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. 

තව ද සියයට 90 ක් බදු වැඩි කිරීමට අමතරව සියයට 15 ක් වැට් බදු පැනවීමට මෙහිදී තීන්දු කර ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad